කියුබාවේ එන්නත් සාර්ථක වන ලකුණු



කියුබානු විද්‍යාඥයන් ඔවුන් සතු දැනුම සහ තාක්ෂණය භාවිතයට ගනිමින්, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති 'සොබරානා 2' සහ 'අබ්දාලා' එන්නත් දෙකම සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරව බව වාර්තා වේ.

අවසන් සායනික පර්යේෂණ අවසන් වීමෙන් පසු මේ වනවිටත් 'සොබරානා 2' සහ 'අබ්දාලා' එන්නත් කියුබානු වැසියන්ට ලබා දීම ආරම්භ වී ඇත. පළමුවෙන් එන්නත් ලබා සීම සිදුවූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටය.

'සොබරානා 2' යනු කියුබානු රජයට අයත් 'ෆින්ලේ' එන්නත් නිෂ්පාදන සමාගම විසින් නිපදවනු ලැබූ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතය. 'සොබරානා 2' මාත්‍රා දෙකකින් නොව තුනකින් යුක්ත බව පැවැසෙයි.

කියුබාව නිපදවූ 'සොබරානා 2' සහ 'අබ්දාලා' එන්නත් සම්බන්ධයෙන් ආජන්ටිනාව, ජැමෙයිකාව, මෙක්සිකෝව පමණක් නොව ඉරානය ද උනන්දුවක් දක්වා ඇති අතර, එන්නත් මිලදී ගැනීමට පවා කැමැත්ත පළ කර අවසන්ය.

වෙනිසියුලාව මේ වනවිටත්, 'සොබරානා 2' එන්නත එරට වැසියන්ට ලබා දීම සිදු කරයි. ඒ, කියුබාව සමඟ එක් වී කළ සායනික පර්යේෂණ සාර්ථකව අවසන් වූ බැවිනි. ඉදිරියේ දී 'සොබරානා 2' එන්නත් වෙනිසියුලාවේ නිෂ්පාදනය කිරීමට ද වෙනිසියුලා රජය සූදානම් බව පැවැසෙයි.

හවානාහිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS