කියුබාව එන්නත් විකුණයි



කියුබාව එරට නිෂ්පාදනය කළ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත්, අපනයනය ආරම්භ කර තිබේ. කියුබාවෙන් පළමුවෙන් ම එන්නත් ඇණවුම් කළ රටවල් වන්නේ කියුබාව මෙන්ම කොමියුනිස්ට් රාජ්‍යයන් වන වෙනසියුලාව සහ වියට්නාමයයි.

කියුබාව එන්නත් වර්ග කීපයක් දේශීය වශයෙන් නිපදවා ඇති අතර එම එන්නත් සියල්ල සායනික අත්හදා බැලීම්වලට ලක් කර ඒ්වායේ සාර්ථකත්වය තහවුරු කර ඇත.

වෙනිසියුලාවට සහ වියට්නාමයට අපනයනය කරන්නේ මාත්‍රා තුනකින් සමන්විත 'ඇබ්ඩාලා' නමැති ප්‍රතිශක්තිකරණ එන්නතය. කියුබානු එන්නත් අතරින් වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ 'ඇබ්ඩාලා' එන්නත බව පැවැසෙයි.

කෙසේ නමුත් මෙම එන්නත සම්බන්ධයෙන් හෝ කියුබාවේ සෙසු එන්නත් සම්බන්ධයෙන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී නැත.

වියට්නාම රජය කියුබාවෙන් එන්නත් මාත්‍රා 9,00,000 ක් මිලදී ගෙන ඇති බවත්, කියුබාව හොඳ හිත වර්ධනය කර ගැනීමට වියට්නාමයට තවත් එන්නත් මාත්‍රා 1,50,000 ක් ප්‍රදානය කළ බවත් කියුබානු ජනාධිපති මැනුවෙල් දියේස් කැනල් සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත.

'ඇඩ්ඩෙලා' එන්නත 'කොවිඩ් 19' වයිරසයට සහ විකෘති වයිරසයට එරෙහිව සියයට 92 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව සායනික වාර්තා පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS