කිම් ජොන් උන්ගේ නැගණියට වැඩි බලතල

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සිය නැගණියට වැඩි බලතල පවරාදීමට තීරණය කර ඇතැයි පැවැසෙයි.
ඒ අනුව, උතුරු කොරියා නායක කිම් ජොන් උන් ට සමාන අයුරින් රාජ්‍ය පාලන කටයුතු සම්බන්ධයෙන් ද නැගණිය කිම් යොං ජොං ට බලය හිමිවී ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පවසා තිබේ.
පසුගිය කාලයේ නැගණිය කිම් යොං ජොං උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ උපදේශිකාව ලෙස කටයුතු කළාය. නායක කිම් ජොන් උන් සහභාගී වන සියලුම රාජ්‍ය උත්සවවලට ඇය සහභාගී වූවාය.
යොංග්යැංග්හිදීය (රොයිටර්)

