කෑම විස වෙලා හැට හයක් රෝහලේ

සෞදි අරාබියේ මදිනා නුවර පිහිටා ඇති ආපන ශාලාවකින් ආහාර රැගෙන ගිය පුද්ගලයින් එම ආහාර අනුභව කිරීමෙන් පසුව වීෂ වීමේ පුවතක් වාර්තාවන බව ජි.ඩි.එන්.ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
වයස අවුරුදු 4-42 දක්වා වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් හැට හය දෙනෙකු ආහාර විෂවීමේ තත්වයට ගොදුරු වී ඇති අතර පුද්ගලයින් පස්දෙනෙකු ප්‍රතිකාර ලබාදීම සදහා කිංග් ෆාහද් රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
අදාල ආපන ශාලාව වසාදැමීම සදහා මදීනා නුවර සෞඛ්‍ය අධිකාරිය කාර්යාලය මගින් නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ආහාර විෂවීමට හේතුවූ කරුණු සොයා බැලීමෙන් අනතුරුව අපන ශාලා හිමියාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නියමිතව ඇති බව වෙබ් අඩවිය වාර්තා කලේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන්.ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

