කෑම නැතිව පරෙවියෝ මැරිලා



ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් බල්කා පළාතේ පිහිටි සුප්‍රකට මසාර් ඊ ෂාරිෆ් මුස්ලිම් පල්ලිය අසල ජීවත් වන පරෙවියන් දහස් ගණනක් කුසගින්නේ මියගොස් ඇතැයි පැවැසෙයි.

පරෙවියන් මියගියේ ලොක්ඩවුන් තහංචි හේතුවෙන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ පල්ලිය වසා දමා ඇති බැවිනි. මෙම පරෙවියන්ට ආහාර ලැබෙන්නේ පල්ලියට පැමිණෙන බැතිමතුන්ගෙන් පමණි.

මසාර් ඊ ෂාරිෆ් මුස්ලිම් පල්ලිය 12 වැනි සියවසේ ඉදි කළ එකකි. පනවා ඇති ලොක් ඩවුන් තහංදි හේතුවෙන් පල්ලියට කිසිවකු නොපැමිණෙන බවත් සෑම දිනකම පරෙවියන් 30 දෙනකු පමණ මියයන බවත් පල්ලියේ කටයුතු බාර අහ්මද් නවීඞ් පවසා තිබේ.

කාබුල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS