කැස්ස පැණිය බී 66 ක් මියයති



සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීමට ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක්, නිපදවූ සිරප් වර්ග භාවිතයට ගත් ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය පවසන ආකාරයට උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා මෙම සිරප් වර්ග දරුවන්ට ලබා දී ඇත්තේ වෛද්‍ය නිර්දේශ මතය. එම සිරප් නිපදවා ඇත්තේ ඉන්දියාවේ ‘මේඩ්න් පාර්මසියුටිකල්ස්’ ඔෘෂධ නිෂ්පාදන සමාගමය.

‘මේඩ්න් පාර්මසියුටිකල්ස්’ යනු අඩු මිලට ඖෂධ නිපදවන ලොව ප්‍රකට ඖෂධ නිෂ්පාදකයෙකි. අප්‍රිකානු රටවල් බොහොමයක භාවිතයට ගැනෙන්නේ ඉන්දීය ඖෂධ වර්ගය. ගැම්බියාව යනු අප්‍රිකාවේ දිළිඳු රාජ්‍යයකි.

දරුවන් මියයෑමේ සිද්ධිය තමන්ට සැලවුණු සැණින්, විමර්ශනයක් ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙයි. සිරප් වර්ග භාවිතයට ගත් එම දරුවන්ගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බවත් ඔවුන් මියගොස් ඇත්තේ ඒ අනුව බවත් ගැම්බියානු සෞඛ්‍ය අමත්‍යාංශය පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS