කැලිෆෝනියාවේ ආයෙත් ළැව් ගිනි



කැලිෆෝනියාවේ පැතිර යන ළැව් ගිනි හේතුවෙන්, අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචි දෙදහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ළැව් ගිනි හෙක්ටයාර් 10,000 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරෙමින් පවතින බවත්, වියලි කාලගුණය සහ සුළිං හේතුවෙන් ළැව් ගිනි පාලනය අසීරු වී ඇති බවත් ගිනි නිවන භටයෝ පවසති.

ළැව් ගිනි පැතිර යමින් ඇත්තේ සොනෝමා ප්‍රාන්තයේය. පසුගිය වසරේ ද කැලිෆෝනියාවේ දරුණු ලෙස ළැව් ගිනි හටගත්තේය. එයින් සිදුවුණු මරණ සංඛ්‍යාව 100 කි.

සැන් ෆ්රැන්සිස්කෝහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS