කැරොලිනාවේ දුම්රිය ගැටුමක්

ඇමෙරිකාවේ දකුණු කැරොලිනාවේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අනතුර සිදුවෙද්දී මගී දුම්රියේ සිටි පිරිස 147 කි. තුවාල ලැබූ ගණන 70 කි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් වාර්තා වේ.
මගී දුම්රිය නිව්යෝක් සිට මියාමි බලා ධාවනය වෙමින් තිබුණු බව ද වාර්තා වේ. සංඥා දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවෙන්න ඇතැයි සැක කරේ. ඒ ගැන විශේෂ පරීක්ෂණයක් ද පැවැත්වෙන බව බලධාරීහු කියති.
(රොයිටර්)

