කැනඩා අගමැතිගේ කැමැත්ත



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ඉදිරිපත් කර ඇති නව නිදහස් වෙළෙඳ ගිවිසුමට තමන් කැමැති බව කැනඩාව පවසා ඇත.

කැනඩාවේ කිරි සහ මෝටර් රථ නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් මෙම නව වෙළෙඳ ගිවිසුම කි‍්‍රයාත්ක වන බව පැවැසෙයි.

ට‍්‍රම්ප් හඳුන්වා දුන් මෙම නව නිදහස් වෙළෙඳ ගිවිසුමට කැනඩාව පමණක් නොව මෙක්සිකෝව ද අයත් වෙයි. මෙක්සිකෝව සහ කැනඩාව ඇමෙරිකාවේ අසල්වැසියන් දෙදෙනාය. මුලදී විරෝධය පළ කර තිබුණත් මෙක්සිකෝ රජය ට‍්‍රම්ප්ගේ නව වෙළෙඳ ගිවිසුමට කැමැත්ත පළ කර තිබුණි.

මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම ඇමෙරිකා ජනාධිපතිවරයා හඳුන්වා දුන් අවස්ථාවේ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ රජය දැඩි ලෙස ඊට විරෝධය දැක්වීය. එම ගිවිසුමෙන් කැනඩාවට අවාසියක් අත්වන බව පෙන්වා දුන්නේය.

තම වෙළෙඳ ගිවිසුම වෙනස් කරන්නේ නැති බව ට‍්‍රම්ප් තරයේ කියා සිටි අතර, කැනඩාව ඊට එකඟ වූයේ අවසන් මොහොතේය. ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව නිව්යෝක් නුවරදී ජනාධිපති ට‍්‍රම්ප් සහ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ අතර පැවැති හමුවේදීය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS