කැනඩා අගමැති ටෲඩෝට දෙවැනි වරටත් ’කොවිඩ්’



කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝට යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදනය වී ඇතැයි පැවැසෙයි. ටෲඩෝ මීට පෙර 'කොවිඩ් 19' ආසාදිතයකු වූයේ පසුගිය ජනවාරියේය.

සෞඛ්‍ය අංශ ලබා දී ඇති නිර්දේශ අනුව කටයුතු කරන බවත් නියමිත දින ගණන නිරෝධායනයේ පසුවන බවත් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ටෲඩෝ පවසා තිබේ.

අග්‍රාමාත්‍ය ටෲඩෝ 'කොවිඩ් 19' සඳහා නියමිත එන්නත් මාත්‍රා සියල්ල ලබා ගෙන ඇති බව ද පැවැසෙයි. අග්‍රාමාත්‍යවරයාගේ තත්ත්වය බරපතල නොවන බවත්, අග්‍රාමාත්‍යවරයා නිරෝධානයේ සිටිමින් නිල රාජකාරි සිදු කරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS