කැනඩා අගමැති ටෘඩෝ ජොනල්ඞ් ට්‍රම්ප් හමුවෙයි

ඇමෙරිකාවට පැමිණ සිටින කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක්, ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී පැවැත්විණි.
කැනඩා අගමැති ටෘඩෝගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ඇමෙරිකාව සමඟ යහපත් සබඳතා ඇතිකර ගැනීමය. කැනඩා අගමැතිවරයා ජනපති ට්‍රම්ප් හමුවීමට ධවල මන්දිරයට පැමිණි කෙවැනි අවස්ථාව මෙයයි.
කැනඩාවත් චීනයත් අතර අර්බුදයක් පවතී. චීනය එරට සිටින කැනඩා නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. චීන රජය එසේ කළේ කැනඩාවට එකටඑක කිරීමක් වශයෙනි.
චීනයේ හුවාවි සමාගමේ මූල්‍ය ප්‍රධානිය මෙන්ග් වොන්ෂූ අත්අඩංගුවට ගෙන ඇත. කැනඩාව එසේ කළේ ඇමෙරිකාවේ කීමට යැයි චීනය චෝදනා කරයි. හටගත් මෙම අර්බුදය සමඟ තමන් එලැඹෙන ජී 20 සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා කරන බව ජනපති ට්‍රම්ප් කැනඩා අගමැති ටෘඩෝට පැවැසීය.

