කැනඩා අගමැති ටෘඩෝ, ට්රම්ප් හමුවෙයි

කැනඩා අගමැති ජන්ටින් ටෘඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් අතරේ හමුවක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදී පැවැත්විණි.
සංක්රමණිකයන් සම්බන්ධයෙන් පරස්පර විරෝධී මත දැරුවත්, කැනඩාව සහ ඇමෙරිකාව අතර වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට අගමැති ටෘඩෝ සහ ජනපති ට්රම්ප් සමත් වූහ.
ට්රම්ප් පසුගිය ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමෙන් පසු, කැනඩා අගමැති ඔහු හමුවූ පළමු අවස්ථාව මෙයයි.
දිවුරුම්දීමේ උළෙලට ට්රම්ප්, කැනඩා අගමැතිට ඇරැයුම් කර තිබුණ ද අගමැති ටෘඩෝ ඊට සහභාගී වූයේ නැත. ඒ කලින් යොදා ගත් රාජකාරි පැවැති බැවින් යැයි පසුව පැවැසීය.
(රොයිටර්)

