කැනඩා අගමැති චාල්ස් කුමරු හමුවෙලා

කැනඩාවේ සංචාරයකට පැමිණ සිටින බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතර හමුවක් ඔටෝවා නුවරදී පැවැත්විණි.
සෞඛ්‍ය නීතීවලට අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, චාල්ස් කුමරු හමුවූයේ මුහුණු ආවරණයක් පැලැඳගෙනය. ඔහු මුහුණු ආවරණය ඉවත් කළේ චාල්ස් කුමරු සමග සුහඳ සාකච්ඡාවක් පැවැත්වෙද්දීය.
මේ වනවිට කැනඩාවේ ‘කොවාඩ් 19’ සෞඛ්‍ය නීති ලිහිල් කර තිබේ. පොදු ස්ථානවල මාස්ක් අනිවාර්ය නොවෙයි.

අග්‍රාමාත්‍ය ටෲඩෝ චාල්ස් කුමරු හමුවූයේ ඔටෝවා නුවර ආණ්ඩුකාරවරයගෛ් නිල නිවස ලෙස සැලකෙන රිදෝ හෝල් මන්දිරයේය.
අග්‍රාමාත්‍ය ටෲඩෝ, චාල්ස් කුමරු හමුවී සාකච්ඡා පැවැත්වූයේ ගෝලීය පාරිසරික අර්බුද සම්බන්ධයෙනි.
(ඩේලිමේල්)

