කාශ්මීරයේ ඡන්දයක්

බෙදුම්වාදී ප්රචණ්ඩ කි‍්‍රයා සහ දේශසීමා ගැටුම්වලින් පිරි උතුරුදිග ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්ත සභා මැතිවරණය ආරම්භ විය. ජම්මු කාශ්මීරයේ මේ අයුරින් ප්‍රාන්ත සභා මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර 13 කට පසුවය.
කෙසේ නමුත් ජාතික එකමුතුව සහ ජම්මු කාශ්මීරයේ හිටපු මහ ඇමැතිනී මෙහ්බූබා මුෆ්ටිගේ ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය මැතිවරණ වර්ජනය කර තිබුණි.
මෙහ්බූබා මුෆ්ටි ජම්මු කාශ්මීරයේ මහ ඇමැති ලෙස කටයුතු කළේ 2016 වසරේ සිට පසුගිය ජූනි 19 වැනිදාය. මෙහ්බූබා මුෆ්ටි මහ ඇමැතිවරිය ලෙස කටයුතු කළේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි.
භාරතීය ජනතා පක්ෂයෙන් නිසි සහාය නොලැබෙන බව පවසමින්, මෙහ්බූබා මුෆ්ටි මහ ඇමැති ධුරයෙන් ඉවත් වූවාය. ජම්මු කාශ්මීරයේ මහ ඇමැති ධුරයේ කටයුතු කළ පළමු කාන්තාව මැයයි.
අපේක්ෂකයන් 2,990 ක පිරිසක් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, අදියර හතරකින් මැතිවරණය පැවැත්වෙයි. අද (8) උදෑසන ආරම්භ වූ මැතිවරණ කටයුතු අවසන් වනු ඇත්තේ ලබන 16 වැනිදාය. ඡුන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පැවැත්වෙන්නේ උදේ 7 සිට සවස 4 දක්වාය.
(ඒ.එෆ්.පී.)

