කාශ්මීර විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්



ඉන්දු කාශ්මීරයේ ශ්‍රී නගර් නුවර මුස්ලිම් වැසියන්, ඇඳිරි නීතිය නොතකා ඉන්දීය රජයට එරෙහිව විරෝධතාවක් පැවැත් වූ අතර, පොලිසිය සහ හමුදාව එම පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

ඊයේ (9) සිකුරාදා දිනයේ ශ්‍රී නගර් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව පැය කීපයකට ඇඳිරි නීතිය ඉවත් කෙරුණි. ඒ, සිකුරාදා දේව මෙහෙය සඳහා කාශ්මීර වැසියන්ට සහභාගී වීමට අවසර ලබා දෙමිනි.

එසේ පල්ලි පැමිණි පිරිස් එක්රැස් වී, ඉන්දීය රජය කාශ්මීරයට ලබා දුන් විශේෂ බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන්න වූහ. පොලිසිය සහ හමුදාව ඔවුන්ට හරස් වූයේ එම අවස්ථාවේදීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS