කාශ්මීර අර්බුදය ලේ විලක් වේවි



ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් ක්‍රියා මාර්ගය වැරදි බවත්, ඉන්දු කාශ්මීරය සම්බන්ධ අර්බුදය ලේ විලකින් අවසන් වනු ඇති බවත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක් වෙමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවැසීය.

පාකිස්තාන අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුව ඇමතීමෙන් පසුවය. මාස දෙකකට වැඩි කාලයක් ඉන්දු කාශ්මීරයේ ජම්මු, කාශ්මීර් සහ ලඩක් යන පළාතවලට ඉන්දීය රජය තහංචි පනවා ඇත.

හමුදාව යොදවා ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

‘ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් පළාත්වල හමුදා භටයන් ලක්ෂ 9 ක් රඳවලා තිබෙනවා. ජනතාවට විරෝධයක් දක්වන්න බැහැ. අමු අමුවේ ඝාතනයක් සිදුවේවි. ලේ විලක් වේවි. ඉන්දීය රජය ඉන්දු කාශ්මීරයට ලබා දී තිබුණු බලතල අහෝසි කිරීම අනුමත කරන්න බැහැ’ යැයි අගමැති ඉම්රාන් පෙන්වා දුන්නේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS