කාශ්මීර අර්බුදය ගැන ට්‍රම්ප් බොරුවක් කීවේ නෑ



ඉන්දු කාශ්මීර අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වෙන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමන්ට ඇරැයුම් කළැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශය අසත්‍යයක් නොවන බව ට්‍රම්ප්ගේ උපදේශක ලැරී කුඞ්ලෝව් පවසයි.

‘ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කිසිදු අවස්ථාවක කාශ්මීර අර්බුදය ගැන බොරුවක් කීවේ නැහැ. ඉන්දීය රජය ට්‍රම්ප්ගේ ප්‍රකාශය ප්‍රශ්න කිරීම ගැන මම කනගාටු වෙනවා’ යැයි උපදේශක ලැරී කුඞ්ලෝව් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

ඉන්දු කාශ්මීර අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වෙන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමන්ට ඇරැයුම් කළේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසුවේ ධවල මන්දිරයේ දී පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හමුවුණු අවස්ථාවේදීය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS