කාර් බෝම්බයක් පුපුරා යයි

නැගෙනහිර සෞදි අරාබියේ පිහිටා ඇති කටීෆ් නගරයේදි කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇති බව අල්-අරේබියා රූපවාහිනි නාලිකාව විකාශනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ප්රකාශ කර නොමැති බව වාර්තා වේ.
“අපිට එක පාරට ශබ්දයක් ඇහුණා, අපි දක්කා පිපිරුම් හඩ ඇහුණ පැත්තෙන් දුම් ගොඩාක් ඉහළට යනවා, පස්සේ පොලිසියෙන් ඇවිල්ලා ඒ පැත්තය කාටවත් යන්න දෙන්නේ නැතුව පරීක්ෂා කරනවා අපි දැක්කා’’ දුරකථනයෙන් සම්බන්ධ කරගත් ප්රදේශවාසියෙන් ප්රකාශ කළ බව රූපවාහානි නාලිකාව ප්රකාශ කළේය.
පුපුරා ගිය කාර්ය තුල තිබී පිළිස්සුනු මළ සිරුරක් එළියට ගන්නා ආකාරය දැක්වෙන ඡායාරුප කීපයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැක ගත හැකිවී ඇති අතර බලධාරීන් තවමත් එම ඡායාරූප සම්බන්ධයෙන් කිසිවක් ප්රකාශ කර නොමැති බව වාර්තා වේ.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

