කාම්බෝජ අගමැති පුතාට බලය දෙනවා



කාම්බෝජ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගනිමින් දිගට බලයේ රැඳී සිටීමට සමත් අග්‍රාමාත හුන් සෙන් නිවේදනය කළේ තමන් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ සති 3 ක කාලයකට පමණක් බවත්, තමන් වෙනුවට තම වැඩිමල් පුතු සොන් හුන් මනෙට් අග්‍රාමාත්‍ය ධුරය බාරගනු ඇති බවත්ය.

අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ සොන් හුන් මනෙට් නියෝජනය කරන ‘කාම්බෝජ ජනතා පක්ෂය’ පක්ෂයයි. කාම්බෝජ මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය සති අන්තයේය.

45 හැවිරිදි සොන් හුන් මනෙට් ද පියාගේ මඟ පෙන්වීම යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වුණු අතර ඔහුට පළමු වරට පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීමට ද හැකිවිය. මැතිවරණ ප්‍රචාරක රැලිවලට අග්‍රාමාත්‍ය හුන් සෙන් ඉදිරිපත් වූයේ පුතු සොන් හුන් මනෙට් ද සමඟය. යළි බලයට පත්වුවහොත් පුතුට බලය පවරන බව හුන් සෙන් කල්තියා පවසා තිබුණි.

70 හැවිරිදි හුන් සෙන්, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ වසර 38 ක් තිස්සේය. තමන් මැතිවරණය ජයග්‍රහණය කළොත් පුතුට බලය පවරන බව හුන් සෙන්, කාම්බෝජයේ නොරෝඩොම් රජුට ද දැනුම් දී ඇති අතර, රජුගේ අනුමැතිය ද ඊට හිමිවී තිබේ.


RECOMMEND POSTS