කාබූල් මාතෘ රෝහලට ප්‍රහාරයක්



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි ඇෆ්ගන් රජයට අයත් මාතෘ රෝහලට සන්නද්ධ කණ්ඩායමක් පහර දී ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරයට සන්නද්ධ සාමාජිකයන් 12 දෙනකු පමණ පැමිණ ඇති බව ද වාර්තා වේ. සන්නද්ධ පිරිස රෝහල වට කරමින් ඊට ඇතුළු වී වෙඩි තැබීමත් සමඟ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

එය තලේබාන් ත්‍රස්තවාදීන්ගේ සැහැසි ක්‍රියාවක් යැයි ඇෆ්ගන් රජය චෝදනා කරයි. ඇෆ්ගන් හමුදා සොල්දාදුවන් රෝහල පිහිටි ස්ථානයට පැමිණෙද්දී, ප්‍රහාරයට පැමිණි පිරිස පලා ගිය බව ද වාර්තා වේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS