කාබුල් නුවර අවි ගැටුමක්

ඇෆ්ගන් රජයේ ගොඩනැගිල්ලකට කඩා වැදී, සිවිල් වැසියන් ප්‍රාණ ඇපයට ගත් තලේබාන් ත්රස්තවාදීන් සහ ඇෆ්ගන් රජයේ හමුදා අතර 24 රාත්‍රියේ දරුණු අවි ගැටුම් සිදුවුණු අතර, එයින් 28 දෙනෙක් මියගියහ. තුවාල ලැබූ ගණන 20 කට වැඩිය.
මියගිය පිරිස අතරේ සිටින වැඩිදෙනා ත්රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ සිවිල් වැසියන්ය. ඊට අමතරව පොලිස් සහ හමුදා සාමාජිකයන් කිහිප දෙනකු ද මියගිය බව පැවැසෙයි.
තලේබාන් ත්රස්තවාදීන් පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තලේබාන් ත්රස්තවාදීන් කඩා වැදුණේ කාබුල් අගනුවර පිහිටි, යුද්ධයෙන් අවතැන්වූවන් සහ තුවාල ලැබූවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් පිහිටුවූ කාර්යාලය ඇතුළත් ගොඩනැගිල්ලටය. ඒ වනවිට ගොඩනැගිල්ලේ සිටි පිරිස 350 ක් යැයි ද පැවැසෙයි.
බෝම්බ කබාවලින් සැරැසෙමින් ත්රස්තයන් කණ්ඩායම ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබමින් ගොනැගිල්ලට කඩා වැදුණු අවස්ථාවේදී ගොඩනැගිල්ලේ සිටි සිවිල් වැසියෝ බොහෝ දෙනකු පණ බේරා ගෙන පිටතට දුව ගියහ. ත්රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයට හසුවූයේ බේරී පිටතට යෑමට නොහැකි වුණු පිරිසය.
සිවිල් වැසියන් ත්රස්තයන්ගේ ප්‍රාණ ඇපයේ පසුවන බව සැලවුණු සැණින්, ඇෆ්ගන් හමුදා සොල්දාදුවන් සහ පොලිස් නිලධාරීන් වහා එහි පැමිණ, ගොඩනැගිල්ල වැටලූ බව වාර්තා විය.
ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ විය. එහිදී ත්රස්තවාදීන් සහ සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතරේ හටගත් අවි ගැටුම් පැය 7 ක් තිස්සේ පැවැතිණි. ආරක්ෂක සාමාජිකයන් කළ වෙඩි තැබීම්වලින් ත්රස්තයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සෙසු පිරිස බේරී පලා ගියහ.
පොලිසිය සහ හමුදාව එක් වී කළ මෙහෙයුමේ දී ත්රස්තවාදීන් තිදෙනකු මරා දැමීමට හැකිවිය. සෙසු පිරිස පලා ගිය බවත් ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණු බවත් වාර්තා විය.
(ඒ.එෆ්.පී.)

