කාබුල් ඇමෙරිකන් තානාපති කාර්යාලයේ 6 කට මත්ද්‍රව්‍ය චෝදනා



මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ සහ ළඟ තබා ගැනීමේ චෝදනාවට ලක්වුණු ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයේ 6 දෙනකුගේ සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

මෙම හය දෙනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව ද වාර්තා වේ. හය දෙනාගෙන් වැඩි දෙනා ඇමෙරිකන් ජාතිකයන්ය.

ඔවුන් අතර කොන්ත්‍රාත් පදනම මත සේවයට ආ කිහිප දෙනෙක් ද වෙති. ඊට අමතරව තානාපති නිලධාරීන් කිහිප දෙනෙකු ද සිටින බව වාර්තා වේ.

මෙම නිලධාරීන් 6 දෙනා තවදුරටත් ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සේවකයන් නොවන බව තානාපති කාර්යාලය නිවේදනය කර ඇතැයි ද පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS