කාන්තාවක් රූගත කල ආසියානුවා අත්අඩංගුවට

සාජාහි පිහිටි සාප්පු සංකීර්ණයක් තුලදී කාන්තාවක් රූගත කල ආසියානු ජාතිකයෙකු සාජා පොලීසියි මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
රූගත කරන ආකාරය එමිරේට්ස් ජාතිකයෙකු විසින් දැක ඇති අතර ඔහු එය සාජා පොලීසියිට පැමිණිළි කර ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලීසිය ඔහුගෙන් ප්රශ්න කර ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
නවීන තාක්ෂණය වැරදි ආකාරයෙන් පාවිච්චි නොකරන ලෙසත්, නීති විරෝධි ආකාරයෙන් තාක්ෂණය භාවිතා කරන්නන්ට එරෙහිව තදින් ක්රියාකරන බව සාජා පොලිස් ප්රධානියා ප්රකාශ කලේය.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්රියදර්ශන ජයතිලක

