කාන්තාවක ගොඩනැගිල්ලකින් පැනලා

සාජා නුවර පිහිටා ඇති මහල් 17කින් යුත් තට්ටු නිවාස ගොඩනැගිල්ලකින් බිමට පැන කාන්තාවක් සියදිවි හානි කරගැනීමේ පුවතක් වාර්තා වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
වයස අවුරුදු හතලිහක් වන මෙම කාන්තාව බිමට පැනීමේදි ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා දේහය රෝහලකට රැගෙන ගොස් ඇත.
අධිකරණ වෛද්‍ය විශේෂඥයින් පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කල බව වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත.
සියළු පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට නියමිතය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

