කාන්තා වෙස් ගත් සොරා දැලේ

සාජා නුවර පිහිටි මුදල් හුවමාරු මාධ්‍යස්ථානයක් මංකොල්ල කෑමට කාන්තා ඇදුමක් (අබායා) ඇදගෙන පැමිණි පුද්ගලයෙකු සාජා නුවර අපරාධ විමර්ශන නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
හුවමාරු මධ්‍යස්ථානයට ඇතුළු වීමෙන් අනතුරුව එහි සේවය කරමින් සිටි පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඇත.
සේවකයින් ඔහුව මෙල්ල කිරීම සදහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවී ඇති අතර මුදල් සොරකම් කිරීම සදහා දැරූ උත්සහය ව්‍යාර්ථ කිරීමට සමත්ව ඇත.
තමන් ආ අරමුණ ඉෂ්ඨ කර ගැනීමට නොහැකිවූ නිසා එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
සාජා නුවර අපරාධ විමර්ශන නිළධාරීන් විසින් අදාල පුද්ගලයාව හදුනාගෙන අත්අඩංගුවට ගත් අතර නීතිමය පියවර ගැනීම සදහා අදාල බලධාරීන්ට භාරදුන් බව වාර්තා වේ.
මාස පහකට ඉහතදී මෙම ආයතනයේම වෙනත් ශාඛාවක සේවය කර ඉවත්වූ බවත් ලබාගත් ණය මුදලක් ගෙවීමට නොහැකි නිසා සොරකම් කිරීමට සිදුවූ බව අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

