කාටවත් බහුතරයක් නෑ



ඉතාලි මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතින අතර, කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි කර ගැනීමට හැකියාව ලැබී නැත.

ඒ අනුව, අපක්ෂපාතීව කටයුතු කරන ඉතාලි ජනාධිපතිගේ මෙහෙයවීමෙන් කිසියම් පක්ෂයක් ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එම පක්ෂයට තවත් පක්ෂ සමඟ සන්ධානගත වීමට සිදුවෙයි.

ඊයේ (4) පැවැති මහ මැතිවරණයේදී වැඩි ඡන්ද දිනා ගනිමින් ඉදිරියෙන් සිටින්නේ ‘ෆයිව් ස්ටාර් මූව්මන්ට්’ පක්ෂයයි.
දෙවැනියට සිටින්නේ දක්ෂිණාංශික සහ මධ්‍ය දක්ෂිණාංශික සන්ධානයයි. මෙම සන්ධානයේ එක් නායකයකු වන්නේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිය.

කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත්, භාරකාර රජයක් පිහිටුවා, නව මැතිවරණ ප්‍රතිසංස්කරණ යටතේ තව මාස හයකින් පමණ යළි මැතිවරණයකට යෑමට ඉතාලියට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

(බී.බී.සී.)


RECOMMEND POSTS