ක්ෂය රෝග වසංගතයක්



පැපුවා නිව්ගිනියා දූපත් රාජ්‍යයේ ක්ෂය රෝග වසංගත තත්ත්වයක් පැතිර යමින් ඇති බවත් රෝගීන් 250 දෙනකු හමුවී ඇති බවත් එරට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.

ක්ෂය රෝගය ඇතිවන්නේ බැක්ටීරියා ආසාදන තත්ත්වයක් හේතුවෙනි. නිසි ලෙස ප්‍රතිකාර කිරීමෙන් රෝගය සම්පූරණයෙන් සුව කළ හැකිය. ක්ෂය රෝගය පැතිර යන්නේ පැපුවා නිව් ගිනියාවේ පිටිසරබද පළාත්වලය. ඒ, එම පළාත්වල සෞඛ්‍ය පහසුකම් ඉතා දුර්වල තත්ත්වයක පවතින නිසා යැයි ද පැවැසෙයි.

පැපුවා නිව්ගිනියා යනු පැසිෆික් සාගරයේ පිහිටි දූපත් කිහිපයකින් ද සැදුම්ලත් රාජ්‍ය්‍යකි. පැපුවා නිව්ගිනියාව සංචාරක ආකර්ශණයක් ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇත.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS