කළු සුදු ගැටුමක්



දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර ක්ලිෆොන් වෙරළ කළු සුදු ගැටුමකින් නොසන්සුන් විය.

මෙම වෙරළ අවට පදිංචි වැඩිදෙනා සුදු ජාතික දකුණු අප්‍රිකානුවන්ය. සති අන්තයේ වෙරළ සංචාරකයන්ගෙන් පිරෙයි. එසේ පැමිණෙන සංචාරකයන්ගෙන් වැඩිදෙනා කළු ජාතිකයන්ය.

ඇතැම් කළු ජාතිකයන් අවට නිවෙස්වලට පැන සොරකම් කරනවා යැයි චෝදනා ලැබී ඇති අතර, එම නිවෙස්වලට ආරක්ෂාව සපයන පෞද්ගලික ආරක්ෂක සේවකය නිලධාරීන් පැමිණ වෙරළේ සිටි කළු ජාතිකයන් ඉවත් කිරීමට උත්සාහ ගෙන ඇත.

කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් අතර ගැටුමක් නිර්මාණය වූයේ මේ හේතුව නිසාය. කෙසේ නමුත් කේප්ටවුන් පොලිසිය සහ නගර බලධාරීන් වහා පැමිණ ගැටුම සමථයකට පත් කළේ යැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS