කසක්ස්තාන ගුවන් යානයක් කඩා වැටේ



කසක්ස්තානයේ ‘බෙක් එයාර්’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි මගීන් ගණන 100 කි.

යානය කසක්ස්තානයේ නූල් සුල්තාන් අගනුවරින් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගත වෙද්දී කඩා වැටුණේ ඇල්මැටි නමැති කසක්ස්තාන නගරයේ මහල් ගොඩනැගිල්ලක් මතටය.

යානයේ සිටි තවත් විසි දෙදෙනකු බරපතල ලෙස තුවාල ලැබූ බව කසක්ස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ. ඒ අනුව මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව බලධාරීහු පෙන්වා දෙති.

ඇල්මැටිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS