කලාපීය නායකයන් හමුවෙයි

ඉන්දියාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි කියා සිටියේ අසල්වැසි කලාපීය රටවල් සමඟ වඩාත් සමීපව, සහයෝගයෙන් කටයුතු කිරීම තම අරමුණ බවය.
අගමැති මෝදි උදෑසන, සිය දිවුරුම්දීමේ විශේෂ උත්සවයට පැමිණි අසල්වැසි කලාපීය රටවල නායකයන් එකිනෙකා හමුවෙමින්, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත්තේය. වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් පමණක් නොව, කලාපීය ආරක්ෂාව වෙනුවෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

ඉදිරි දින කිහිපයේදී අගමැති මෝදි සිය දෙවැනි ධුර කාලයේ පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් මාලදිවයිනටත්, ශ්‍රී ලංකාවටත් පැමිණීමට නියමිත බව පැවැසිණි.

මෝදි ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන, මුරුසි ජනාධිපති ප්‍රවීන්ද් කුමාර්, නේපාල අගමැති කේ.පී. ෂර්මා, භූතාන අගමැති ලෝටේ ෂෙරිංග්, බංග්ලාදේශ ජනාධිපති අබ්දුල් හමීද් හමුවුණු අයුරු ඡායාරූපවල දැක්වෙයි.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

