කත්මණ්ඩු අගනුවර පිපිරීම් 3 ක්: 4 ක් මරුට

නේපාලයේ කත්මණ්ඩු අගනුවර ස්ථාන තුනක පිපිරීම් තුනක් සිදුවිය. එම පිපිරීම්වලින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 12 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
පිපිරීම් සිදුවී ඇත්තේ, පෙරේදා සවසය. පිපිරීම් තුන එකම වෙලාවේ සිදුවී ඇත. එක් පිපිරීමක් සිදුවී ඇත්තේ නගර මධ්‍යයේය. අනෙක් දෙක නගරයෙන් පිට ස්ථාන දෙකක සිදුවිය. පුපුරා ගොස් ඇත්තේ නිවසේදී නිර්මාණය කළ බෝම්බ තුනක් බව සිදු කළ පරීක්ෂණවලින් පසුව අනාවරණය විය.
ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. කෙසේ නමුත් පොලිසිය අනුමාන කරන්නේ, මාවෝ බෙදුම්වාදී කල්ලියක් ප්‍රහාරය සිදු කරන්න ඇතැයි කියාය.
මාවෝ බෙදුම්වාදීන් සහ නේපාල රජය අතර සිවිල් අරගලය අවසන් වූයේ 2006 දීය. අද වනවිට නේපාලයේ පවතින්නේ සාමකාමී පරිසරයකි. එම අරගලයට සම්බන්ධ වුණු මාවෝවාදී නායකයෝ අවි බිම දමා දේශාපාලනයට පිවිසී සිටිති.
මාවෝවාදී ඇතැම් කල්ලි චෝදනා කර ඇත්තේ දේශපාලනයට පිවිස සිටින මාවෝ නායකයන් ඔවුන්ගේ විප්ලවීය අදහස්වලින් බැහැරව කටයුතු කරන බවටය. එවැනි මත දරණ කල්ලියක් ප්‍රහාරය සිදු කරන්න ඇති බව නේපාල රජයේ අදහස වී තිබේ.
කත්මණ්ඩුහිදීය (රොයිටර්ස්)

