කඩිනමින් සාමාජිකත්වය ඉල්ලයි

විශේෂ ක්රමවේදයක් යටතේ යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය කඩිනමින් ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයට අයත් රටවලින් ඉල්ලීමක් කර තිබේ.
එසේ විශේෂ ක්රියා මාර්ගයක් ඔස්සේ සාමාජිකත්වය ලබා දීමට යුරෝපා සංගමයට හැකියාව මෙන්ම බලය ඇති බව ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
යුක්රේන ජනාධිපතිවරයා මෙසේ පැහැදිලි කළේ, යුක්රේන රුසියානු අර්බුදය සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයන් බෙලරූස් දේශසීමාවේ සාම සාකච්ඡා පවත්වන අතරතුරේය.
(අල් ජසීරා)

