කඩා වැටුණේ ඇමෙරිකන් හමුදා යානයක්

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ කඩා වැටුණේ තම ගුවන් යානයක් බව ඇමෙරිකන් හමුදාව පවසා ඇත.
සිදුවුණු එම ගුවන් අනතුර ගැන පරීක්ෂණ පවත්වනවා යැයි ඇමෙරිකන් හමුදා නිලධාරී කර්නල් සොනී ලැගෙට් පවසා තිබේ.
කඩා වැටුණේ ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් ඊ11ඒ වර්ගයේ බෝම්බ හෙලන යානයක් යැයි ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදා මෙම යානය භාවිත කර ඇත්තේ ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහාය.
යානයේ 83 දෙනෙකු සිටි බවත් අනතුරින් ඔවුන් මියගිය බවත් ඇෆ්ගන් පුවත් සේවා වාර්තා කර ඇත. කෙසේ නමුත් ඇමෙරිකන් ගුවන් හමුදාව යානයේ සිටි පිරිස ගැන කිසිවක් පවසා නැත.
කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)

