කටුනායක ගුවන්තොටේ විදේශ සේවා නියුක්ති කාර්යංශ කවුළුව ඇරේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිහිටුවා තිබු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කවුළුව අනිද්දා (06) සිට යළි විවෘත කරන බව කාර්යංශය කියයි.
ගුවන්තොටුපලේ පිටත් වීමේ පර්යන්තයේ පිහිටුවා තිබු මෙම කවුළුව එතෙර රැකියා සඳහා යන පුද්ගලයන් හට කාර්යංශ ලියාපදිංචිය අළුත් කර ගැනීමට හා පරික්ෂා කර ගැනිමට පහසුකකම් සැලසීම සඳහා විවෘත කර ඇත.
පසුගිය සමයේ සිදු වූ ගුවන් තොටුපලේ ප්රතිසංවිධාන කටයුතු හේතුවෙන් මෙම කවුළුව වසා තැබුණු අතර එම කටයුතු අවසන් වී ඇති බැවින් යළි වීවෘත කිරීමට කටයුතු කළ බව කාර්යංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
විනීතා එම් ගමගේ

