කටාර්හිදී මත් ද්‍රව්‍ය අලෙවි කළ ශ්‍රී ලාංකිකයාට වසර 5ක සිර දඬුවම්



කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයකුට මත් ද්‍රව්‍ය භාවිතා කිරිම සහ අලෙවි කිරීම යන චෝදනා යටතේ වසර පහක සිර දඬුවමක් නියම වූ බව ගල්ෆ් ඩිජිටල් නිව්ස් වෙබ් අඩවිය සඳහන් කළේය.

එරට අපරාධ උසාවිය මගින් ඔහුට කටාර් රියාල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කරන ලද අතර සිර දඬුවම අවසන් වූ වහාම රටින් පිටුවහල් කරන ලෙසද නියෝග කරන ලදි.

මෙම පුද්ගලයා අල් වක්රා ප්‍රදේශයේදී වෙස් වළාගත් පොලිස් නිලධාරියකුට කටාර් රියාල් 450කට හෙරොයින් විකිණීමට තැත් කිරීමේදී අත් අඩංගුවට ගනු ලැබ ඇත. තමා හෙරොයින් සහ මරිජුවානා වැනි මත් ද්‍රව්‍ය භාවිතා කරන බව ඔහු පිළිගත් බවද වෙබ් අඩවියේ සඳහන් වෙයි.

(ගල්ෆ් ඩිජිටල් නිව්ස්)


RECOMMEND POSTS