කටාර් සහ ඕඩෝ අතර අවබෝධතා ගිවිසුමක්
කටාරයේ මීළඟ පරම්පරාවේ තොරතුරු තාක්ෂණ සේවා ප්‍රවර්ධනය කිරීමේ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය කිරීමේ අරමුණින් අන්තර්ජාතික විදුලි සංදේශ සමාගමක් වන ඕඩෝ ( Ooredoo) සහ කටාර ජාතික බැංකුව ඉකුත් දා අවබෝධතා ගිවිසුමකට එළැඹුණි.
මෙම එකඟතාව ඔස්සේ නව ව්‍යවසායවලට ඕඩෝ සමාගම සපයන තොරතුරු තාක්ෂණ සේවා වට්ටම් හිමිවන අතර එම ව්යවාසයවලට අවශ්‍ය ප්රාග්ධනය සඳහා විවිධ වරප්‍රසාද කටාර ජාතික බැංකුවෙන් හිමිවනු ඇත.
දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සංවර්ධනය කිරීම සඳහා මෙම ගිවිසුම කටාරයේ ක්‍රියාත්මක වන ‘කටාර ජාතික දැක්ම 2030’ ට සමගාමීව සිදු කෙරේ. මෙමගින් ඕඩෝ සමාගමත් කටාර ජාතික බැංකුවත් ව්‍යාපාරවලට එක් තැනකින් සියලු සේවා සැපයීමට අපෙක්ෂා කරයි.

