කටාරයේ ජාතික සංවර්ධන උපාය මාර්ග සැලැස්ම සැකසේ



 
කටාරයේ ජාතික සංවර්ධන උපායමාර්ග සැලැස්ම (2017-2022) මේ වනවිට සැකසෙමින් පවතින බවත් එහිදි පුද්ගලික අංශයේ දායක්තවය ගැනීම වැඩි කිරීම සඳහා ව්‍යාපාර පරිසරය සංවර්ධනය කිරීම ඒ ඔස්සේ ඉහළ කාර්යක්ෂතාවක් සහිත අංශ ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් එරට අග්‍රාමාත්‍ය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අබ්දුල්ලා බින් නසීර් බින් කලීෆා අල් තානී අද (31) පැවැසීය. 
කටාරයේ ජාතික සංවර්ධන උපායමාර්ග සැලැස්ම (2017-2022) මේ වනවිට කෙටුම්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා පැවැති අමාත්‍යාංශ සාකාච්ඡාවක් අමතමින් ඔහු එම කරුණු කීය. යෝජිත වැඩසටහන් හා වයෘපති අතර සහ සම්බන්ධ හා ගැලපිය යුතු බවත් කටාරයේ ජාතික දැක්ම 2030 ඉලක්ක කරගනිමින් සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු බව ද කටාර් අගමැති අබ්දුල්ලා බින් නසීර් බින් කලීෆා අල් තානී ප්‍රකාශ කළේය. 
මේ සම්බන්ධයෙන් පුරවැසියන්ගේ, විශේෂඥයන්ගේ හා සිවිල් සමාජ සංවිධානවල අදහස් ගැනීමට කටාර් අග්‍රාමාත්‍යවරයා කීවේය.
කටාරය දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් වෙත ගමන් කරමින් සිටින අතර අධ්‍යාපනය හා කටාර් ජාතිකයන්ගේ කුසලතා හා කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ඔවුන් පුහුණු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත.  
 
  
ගල්ෆ් ටයිම්ස් ඇසුරිනි

RECOMMEND POSTS