ඕස්ටේ්රලියාවට සයිබර් ප්‍රහාරයක්

පරිගණක සහ අන්තර් ජාල හරහා එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා බොහොමයක් අඩපණ වූ බව ඕස්ටේ්රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මාධ්‍ය හමුවේ නිවේදනය කළේය.
වර්තමානයේ ලොව රටවල් බොහොමයක පරිපාලන කටයුතු ඇතුළු සියලූ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු මෙහෙයවීම සිදු කරන්නේ පරිගණක සහ අන්තර්ජාල යොදා ගනිමිනි. සයිබර් ප්‍රහාරයක් යනු මෙම පරිගණක කටයුතු අඩපණ කිරීමට පරිගණක දත්ත සොරුන් එසේත් නැතිනම් හැකර්වරුන් සිදු කරන කඩාකප්පල්කාරී කි්රයාවකි.
‘රජයේ සියලූ අංශවල කටයුතු, ව්‍යාපාර ආදි සියල්ලටම මෙම සයිබර් ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. ප්‍රහාරය විදේශයකින් ආ එකක් නොවෙයි. රට තුළින්ම ආ එක්ක බව මේ වනවිට අප හඳුනාගෙන තිබෙනවා.’ යැයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.
සයිබර් ප්‍රහාරය හරහා පරිගණක දත්ත සොරකම් කිරීමක් සිදුවී ඇති නමුත් එය බරපතල තත්ත්වයක් නොවන බවත්, ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා හෝ පුද්ගලයන්ගේ අරමුණ වී ඇත්තේ රටේ ව්‍යාපාරික කටයුතු අවුල් කිරීම බවත් ඕස්ටේ්රලියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙල්බර්න්හිදීය (ඒ.එෆ්.පී.)

