ඕස්ටේ්රලියාවට වැසි
ළැව් ගිනිවලින් බැට කන ඕස්ටේ්රලියාවේ පළාත් කිහිපයකට මේ වනවිට වැසි ඇද හැලීම ආරම්භ වී ඇති නමුත්, ළැව් ගිනි නිවා දැමීමට එම වැසි ප්‍රමාණවත් නොවන බව එරට කාලගුණ විද්‍යාඥයෝ කියති.
කෙසේ නමුත් මෙම වැසි හේතුවෙන් සිඞ්නි සිට මෙල්බර්න් නුවර දක්වා ප්‍රදේශ රැුසක උණුසුම් කාලගුණය පහව ගොස් ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කළේය.
ළැව් ගිනි දරුණු ලෙස පැතිරෙන්නේ, වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් යන ප්රාන්තවලය. වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උෂ්ණත්වය තවමත් අඩු වී නැති බවත් බ්‍රහස්පතින්දා (9) වනවිට උෂ්ණත්වය තවත් ඉහළ යනු ඇති බවත් කාලගුණ විද්‍යාඥයෝ බිය පළ කරති.
සිඞ්නි නුවරදීය (ඒ.එෆ්.පී.)

