ඕස්ටේ‍්‍රලියා ළැව් ගිනි අභ්‍යවකාශයටත් පෙනිලා



ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත රැසක පැතිරෙන ළැව් ගිිනි අභ්‍යවකාශයට පවා පැහැදිලිව පෙනෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා තිබේ.

මේ වනවිට ළැව් ගිනි 120 ගණනක්  ඕස්ටේ‍්‍රලියා ප‍්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව වාර්තා වේ. වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ ළැව් ගිනි දරුණු ලෙස පැතිර යමින් පවතින බව ද  ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය වාර්තා පැහැදිලි කර තිබේ.

ළැව් ගිනි අභ්‍යවකාශයට පැහැදිලිව දකින්න ලැබීමෙන් පෙනී යන්නේ ළැව් ගිනිවල දරුණු ස්වභාවය යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පෙන්වා දී තිබේ.  ඕස්ටේ‍්‍රලියාවේ ළැව් ගිනි පැතිර යන්නේ පසුගිය සැප්තැම්බරයේ සිටය. ළැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර් දහස් ගණනක් විනාශ වී ඇතැයි ද වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ ළැව් ගිනි හේතුවෙන් විනාශ වූ නිවාස ගණන 1,200 කි.  ළැව් ගිනි අනතුරු හේතුවෙන් මියගිය ගණන 18 ක් යැයි ද පැවැසෙයි. ළැව් ගිනි හේතුවෙන් විපතට පත්වූවන්ට සහාය දීමට හමුදා සොල්දාදුවන් 4,000 ක පිරිසක් යෙදවීමට  ඕස්ටේ‍්‍රලියා රජය කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

නාසාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS