ඕස්ට්‍රේලියාවෙන් පළමු ඔමික්‍රෝන් මරණය



ඕස්ට්‍රේලියාවෙන් පළමු ‘ඔමික්‍රෝන්’ මරණය වාර්තා විය. ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවමින් පවසා ඇත්තේ මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතිය ඉතාමත් වේගයෙන් ඕස්ට්‍රේලියානු සමාජයේ ව්‍යාප්ත වෙමින් පවතින බවය.

මියගිය මෙම පුද්ගලයා සවුත්වේල්ස් හි වැඩිහිටි නිවාසයක සිටි 80 හැවිරිදි අයකු බවත්, ඔහු නිධන්ගත සෞඛ්‍ය ගැටලු රැසකින් පීඩා විදි අයකු බවත් වෛද්‍යවරුන් පවසා ඇත. මොහු මියගොස් ඇත්තේ සිඩ්නි නුවර රෝහලක ප්‍රතිකාර ලබද්දීය.

(රොයිටර්)


RECOMMEND POSTS