ඕස්ට්‍රේලියා අගමැති සමරිසි පෙළපාළියක

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සිඩ්නි නුවර පැවැති වුණු සමරිසි පෙළපාළියකට සහභාගි වී ඇත.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයෙකු සමරිසි පෙළපාලියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. පෙළපාළියට එක්වෙමින් තමන් සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව ඇල්බනීස් පවසා තිබේ.
12,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාවේ ඔක්ස්වර්ඩ් වීදියේ මෙම පෙළපාළිය පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා කර තිබේ.
'කොවිඩ්' සීමා කිරීම් හේතුවෙන් 2019 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවේ මෙවැනි පෙළපාළියක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසා ඇත්තේ, මෙය නූතන ඔස්ට්‍රේලියාවේ සැමරුමක් ලෙස තමන් සලකන බවය.
(රොයිටර්)

