ඕමානය පුවත්පතක් වසයි. මාධ්‍යවේදින් 3ක් හිරේට

තම රජයේ කීර්තියට හානි කළේය යන චෝදනාව මත ජාතික පුවත්පතක් වසා දැමීමටත් එහි මාධ්‍යෙව්දීන් තිදෙනෙකු සිරගතකිරීමටත් ඕමාන රජය නිකුත් කළ නියෝගයක් ඊයේ ඕමාන උසාවියක් මගින් අනුමත කරන ලදී.
අසාම්න් (Azamn) නම් වූ දිනපතා පුවත් පත අගොස්තු මාසයේදී රජය විසින් වසා දමන ලදී. එම පියවර බටහිර මානව හිමිකම් සංවිධානවල බලවත් විරෝධයට ලක්විය.
එහි ප්‍රධාන කර්තෘවරයා වන ඊබ්‍රාහිම් අල් මාමරිට එහ නියෝජ්‍ය කර්තෘ යූසෙෆ අල් හාජ්ට තුන් අවුරුදු සිර දඬුවම් නියමවී ඇති බව වාර්තා වේ.
ඊට අමතරව ඔවුන් දෙදෙනාටම ඕමාන රියාල් 3000 (ඇමෙරිකානු ඩොලර් 7800) බැගින් වූ දඩ මුදලක්ද නියම කර ඇත.
ඔවුන්ගේ සහායකයකු වන සහීර් අල් අබ්රි නමැත්තාට වසරක සිර දඬුවමක්ද ඕමාන රියාල් 1000ක (ඇමෙරිකානු ඩොලර් 2600) දඩ මුදලක්ද නිම කර ඇත.

