ඔස්ට්‍රේලියාවේ රෝහල් පිරෙයි



‘කොවිඩ් 19’ ආසාදිත රෝගීන්ගෙන් ඔස්ට්‍රේයොවේ ද රෝහල් පිරී යෑම ආරම්භ වී ඇති බව එරට පුවත් සේවා පෙන්වා දෙයි.

මේ වනවිට ඕස්ට්‍රේලියාවෙන් දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ 45,000 පසු කරමිනි. ගතවුණු පැය 24 ඇතුළත ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 47,799 කි.

වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේත්, රෝහල් පිරී යමින් පවතින්නේත්, නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේය. වැඩිම ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවරින්ය.

ඕස්ට්‍රේලියාවේ රෝහල් මෙසේ කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යෑම ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බර් මාසයෙන් පසුවය. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ද ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තිය සිදුවෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS