ඔබාමා යුවළගේ සහාය කමලා හැරිස්ට
නොවැම්බරයේ පැවැත්වීමට නියමිත, ඇමෙරිකා ජනාධිපතිවරණයට, ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට පූර්ණ සහාය ලබා දෙන බව, හිටපු ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා පවසයි.
ඇමෙරිකන් ඩිමොක්රටික් පක්ෂය ජාතික සම්මේලනය පැවැත්වුණු අතර, හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ බිරිඳ මිෂෙල් ඔබාමා, කමලා හැරිස්ට ඔවුන්ගේ සහාය ලබා දෙමින් ඊටසහභාගී වූහ.
බැරැක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා ඩිමොක්රටික් පක්ෂයේ ප්රබලයන්ය.
නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහභාගී වෙයි. ඒ, ප්රතිවාදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමිණි.
කමලා හැරිස්ට ඉතාමත් පහසුවෙන් ට්රම්ප් පරාජය කළ හැකි යැයි බැරැක් සහ මිෂෙල් ඔබාමා ඩිමොක්රටික් පක්ෂය ජාතික සම්මේලනයේ වේදිකාවට ගොඩවෙමින් අවධාරණය කළහ.
(ඒ.එෆ්.පී.)