ඔක්ස්ෆර්ඞ් එන්නත ඉන්දියාවට

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීම සඳහා සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීමට, බි්රතාන්යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ විද්‍යාඥයන් එක් වී නිපදවූ එන්නත ඉන්දියාවේ අත්හදා බැලීම් ඊයේ (27) ඇරැඹිණි.
ඔක්ස්ෆර්ඞ් වෛද්‍ය පර්යේෂකයන් සහ විද්‍යාඥයන් එන්නත නිපදවා ඇත්තේ, ඇස්ට්‍රා-සෙනෙකා ඖෂධ සමාගම සමඟ හවුල් වෙමිනි. අදියර 3 ක් යටතේ එන්නත අත්හදා බැලීම සිදුවෙයි.
ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වන ඉන්දියානුවන් 1,600 දෙනකුට එන්නත ලබා දීම සිදුකෙරේ. ඒ, ඉන්දීය ජාතික ඖෂධ පාලන අධිකාරියේ මෙහෙයවීම සහ අධීත්ෂණය යටතේය. ඉන්දීය ජාතික ඖෂධ පාලන අධිකාරිය පිහිටා ඇත්තේ පූනේ නුවරය.
ඔක්ස්ෆර්ඞ් එන්නත පළමුවෙන් ලබා ගැනීමට ඉදිරිපත් වූයේ පූනේ නුවර භාරතී රෝහලේ 48 හැවිරිදි ප්‍රසව හා නාරී වෛද්‍යවරයෙකි. මොහු මීට පෙර සූකර උණ (එච්1එන්1) වයිරසයට එරෙහි එන්නත් අත්හදා බැලීමට ද ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වූ අයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔක්ස්ෆර්ඞ් එන්නත ලබා ගත් දෙවැනියා 32 හැවිරිදි අයකු බවත් ඔහු පූනේ පෞද්ගලික සමාගමක සේවය කරන අයකු බවත් පැවැසෙයි.
ප්‍රසව හා නාරී වෛද්‍යවරයාට එන්නත ලබා දීම සිදුවූයේ ඉන්දියාවේ වේලාවෙන් දහවල් 1.35 ටය. අනෙක් තරුණයාට එන්නත ලබා දීම සිදුවූයේ 1.50 ටය. මොවුන් දෙදෙනාගේ අනන්‍යතා මාධ්‍යවෙත අනාවරණය කර නැත.
එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වූ සෙසු 1,600 දෙනා ට ඉදිරි දිනවලදී එන්නත ලබා දීමට නියමිතය. එන්නත ලබා ගන්නා සියලූ දෙනා පැය 24 පුරා වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනු ඇතැයි පැවැසෙයි. ඔක්ස්ෆර්ඞ් එන්නත ඉන්දියාවේ සායනික අත්හදා බැලීම් සිදු කරන පළමු අවස්ථාව මෙය වුවත්, මේ වනවිට දකුණු අපි‍්‍රකාවේ සහ බ්‍රසීලයේ සායනික අත්හදා බැලීම් ඇරැුඹී අවසන්ය.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් අතින් ලොව තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන මිලියන 3 පසු කර තිබේ. මරණ 61,000 පසු කර තිබේ. වයිරසය වසංගතය හේතුවෙන් ඉන්දියාවේ ජන ජීවිතය මුළුමනින්ම අඩපණ වී ඇති බවත් ඉන්දියාව දැඩි ආර්ථික අර්බුදයක් කරා යොමු වෙමින් පවතින බවත් වාර්තා වේ.
‘කොවිඞ් 19’ වයිරස වසංගතයට එරෙහිව, සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරන එන්නත් නිපදවීමේදී, රටවල් රැුසක් අතරේ පවතින්නේ තරගයකි. රුසියාවත් චීනයත් පවසා ඇත්තේ පළමු කොරෝනා වළක්වන එන්නත තමන් විසින් නිර්මාණය කරනු ලැබ ඇති බවය. චීනය ඔවුන්ගේ එන්නත එරට වැසියන්ට ලබා දීම අරඹා ඇත්තේ පසුගිය ජූලි 22 වැනිදා සිටය. රුසියානු රජය මොස්කව් නුවර වැසියන්ට පැවැසුවේ, සැප්තැම්බරයේ සිට ‘ස්පුට්නික් 5’ යනුවෙන් නම් කළ එම එන්නත නොමිලේ ලබා ගන්නා ලෙසය.
ඇමෙරිකාව, මහා බි්රතාන්යය ඇතුළු බටහිර රටවල්, රුසියාව සහ චීනය නිර්මාණය කළ එන්නත් දෙස බලන්නේ වපර ඇසකින්ය. රුසියාව සහ චීනය, ‘හදිසි’ වෙමින් එන්නත ජනතාවට ලබා දීමට සැරැුසෙන්නේ එහි අතුරු ආබාධ නොසලකා හරිමින් යැයි ඇමෙරිකාව චෝදනා නගයි.
ඔක්ස්ෆර්ඞ් එන්නත පළමුවෙන් ලබා ගත්තේ බි්රතාන්ය වැසියන් 1,500 ක පිරිසකි. ඔවුන්ගෙන් කීප දෙනකුට උණ ගැණුනු නමුත් පැරසෙටමෝල් මගින් එම උණ පාලනය කර ගැනීමට හැකි වූ බවත්, වෙනත් කිසිදු අතුරු ආබාධයක් ඔක්ස්ෆර්ඞ් එන්නත සම්බන්ධයෙන් වාර්තා නොවන බවත් බි්රතාන්ය වෛද්‍යවරු පැහැදිලි කරති.
පූනේහිදීය (එන්.ඞී.ටීවී)

