ඒඩ්ස් පැරැදූ පස්වැනියා
ඒඩ්ස් රෝගය පරාජය කළ පස්වැනි පුද්ගලයා ඇමෙරිකාවෙන් වාර්තා වෙයි. ඒඩ්ස් යනු එච්.අයි.වී. වයිරසය හේතුවෙන් හටගන්නා රෝගී තත්ත්වයයි.
66 හැවිරිදි මෙම පුද්ගලයා කැලිෆෝනියානු වැසියකු බවත්, ඔහුගේ සිරුරෙන් එච්.අයි.වී. වයිරසය සම්පූර්ණයෙන් තුරන් වී ඇත්තේ ඔහුට ලබා දුන් කඳ සෛල ප්‍රතිකාර ක්‍රමය නිසා බවත් වෛද්‍යවරු පැහැදිලි කරති.
මෙතෙක් ඒඩ්ස් රෝගය පරාජය කළ පුද්ගලයන් අතර සිටින වයසින් වැඩිම තැනැත්තා ලෙස සැලකෙන්නේ ද මොහුය.
අනන්‍යතාව හෙළි නොකළ මෙම තැනැත්තාට ප්‍රතිකාර ලබා දී ඇත්තේ ලොස් ඇන්ජලීස් වෛද්‍ය මධ්‍යස්ථානයකින් බව ද පැවැසෙයි. මෙම තැනැත්තා ඒඩ්ස් රෝගියකු බව තහවුරු වී ඇත්තේ 1987 වසරේදීය.
(ලයිව් සයන්ස්)

