එවරස්ට් මුදුනේ රාත්තල් 24,000 ක කසල
පසුගිය දින 45 තිස්සේ සිදුකළ මෙහෙයුමකදී, එවරස්ට් කඳු මුදුනේ එක් රැස්වී තිබුණු කසල රාත්තල් 24,000 ක් ඉවත් කළ බව නේපාල රජය පවසයි.
නේපාල රජයේ මැදිහත්වීමෙන්, ලොව උසින් වැඩිම ශිඛරය වන එවරස්ට් මුදුනේ කසල ඉවත් කිරීම සිදු කරනු ලබන්නේ, නේපාල හමුදාවේත් පරිසරවේදීන් ඇතුළු විදෙස් ක්රියාකාරීන්ගේත් එකමුතුවෙනි.
මෙම කසල ලොව නන්දෙසින්, එවරස්ට් ශිඛරය තරණය සඳහා පැමිණි කඳු නගින්නන් දමා ගිය ආහාර දැවටුම්, ඔක්සිජන් ටැංකි, බෝතල්, ටින් කෑන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙම කසල අතරට අයත් බව පැවැසෙයි.
කත්මණ්ඩුහිදීය (එන්.ඩී.ටීවී.)

