එවරස්ට් කන්දේ උස මනියි



ලොව උසම ශිඛරය ලෙස සැලකෙන ‘එවරස්ට්’ ශිඛරයේ උස මැන බැලීමට ඉන්දීය භූ විද්‍යාඥයෝ පිරිසක් සූදානම් වෙති.

ඉන්දීය භූ විද්‍යාඥයන් මෙසේ හිමාල අඩවියේ පිහිටි නේපාලයට එවරස්ට් ශිඛරයේ උස මැනීමට සැරැසෙන්නේ වසර 62 කට පසුව යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

එවරට්ස් ශිඛරයේ උස අඩි 29,028 ක් ලෙස සැලකෙයි. 2015 වසරේ නේපාලය අති ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය. ඒ සමඟ භූ තැටිවල වෙනස් වීමක් සහ කිඳා බැසීමක් ද සිදුවුණු අතර, එවරස්ට් ශිඛරයේ උස අඩු විය.

නේපාල භූ විද්‍යාඥයන් මූලික වශයෙන් කළ පරීක්ෂණවලදී අනාවරණය කළේ එවරස්ට් ශිඛරයේ උස මීටරයකින් අඩුවුණු බවය. ඉන්දීය භූ විද්‍යාඥයන් විසින් සිදුකිරීමට කියමිත මෙම උස මැනිමෙන් ඒ බව තහවුරු කිරීමට හැකිවනු ඇතැයි නේපාල රජය ද පවසා ඇත. කෙසේ නමුත් උස බැලීමේ අසීරු ක්‍රියාවලිය අවසන් කිරීමට මාස දෙකක් පමණ ගත වනු ඇතැයි පැවැසෙයි.

 

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS