එවරස්ට් කන්ද උස ගිහිල්ලා



 

ලොව උසම ශිඛරය ලෙස හැඳින්වෙන් එවරස්ට් ශිඛරයේ උස මීටරයකින් වැඩිවී ඇති බව නේපාල සහ චීන භූ විද්‍යා සමීක්ෂණ කණ්ඩායමක් පෙන්වා දෙයි.

ඒ අනුව, ලොව උසින් වැඩිම ශිඛරයේ නව උස මීටර් 8,848,86 ක් යැයි පැවැසෙයි. එය මීට පෙර පැවැති උසට වඩා මීටර් 0.86 ක වැඩිවීමක් බව ද සමීක්ෂණ කණ්ඩායම පැහැදිලි කර ඇත. එවරස්ට් ශිඛරයේ උස මැනීම සිදු කර ඇත්තේ චන්ද්‍රිකා තාක්ෂණයේ උදව්වෙනි.

එවරස්ට් ශිඛරය අයත් හිමාල කඳු වැටිය පිහිටා ඇත්තේ නේපාල චීන දේශසීමාවේය. මීට වසර කීපයකට පෙර නේපාලය අති බිහිසුණු භූමි කම්පාකට ගොදුරු විය. එම භූමි කම්පාව කොතරම් බිහිසුණු ද කීවොත්, එවරස්ට් ශිඛරයේ උස අඩු වීමට එය හේතුවක් විය.

කත්මණ්ඩු නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS